7 ශ්‍රේණිය කුලක

7 ශ්‍රේණිය කුලක

නිපුණතාව 30 

එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කර ගැනීම සඳහා කුලක ආශි‍්‍රත මූලධර්ම
හසුරුවයි.

නිපුණතා මට්ටම 30.1 -

පොදු ලක්ෂණ සහිත කාණ්ඩ කුලක ලෙස හඳුනා ගනිමින් විවිධ ක‍්‍රම මගින් නිරූපණය  කරයි.

නිපුණතා මට්ටම 30.1ට අදාළ ඉගෙනුම් පලඃ

1. නිශ්චිත ව අර්ථ දක්වන ලද ද්‍රව්‍ය සමූහයක් කුලකයක් ලෙස විස්තර කරයි.
2. සමූහ අතරින් කුලක තෝරා නම් කරයි.
3. කුලකයක අඩංගු දෑ අවයව ලෙස විස්තර කරයි.
4. දෙන ලද කුලකයක අවයව ප‍්‍රකාශ කරයි.
5. කුලකයක් නිරූපණය සඳහා වන සංවෘත රූපය වෙන් රූප සටහන ලෙස හඳුනාගනියි.
6. දෙන ලද කුලකයක් වෙන් රූප සටහනකින් නිරූපණය කරයි.

7. දෙන ලද කුලකයක අවයව සඟල වරහනක් තුළ ලියා දක්වයි.

හැඳින්වීම :
වෙළෙන්දෙක් ළඟ විකිණීමට තිබෙන එළවළු වර්ග රූපයෙන් දැක්වේ. මෙම වෙළෙන්දා ළඟ විකිණීමට තිබෙන එළවළු වර්ග වන්නේ කැරට්, බෝංචි, වට්ටක්කා සහ බණ්ඩක්කා පමණි. මේ අනුව යම්කිසි එළවළු වර්ගයක් ඔහු ළඟ විකිණීමට තිබේ ද හෝ නැද්ද හෝ යන්න අපට නිශ්චිත ව ම කිව හැකි ය.

ඉහත දක්වා ඇත්තේ ද්‍රව්‍ය වර්ග කිහිපයක එකතුවකට උදාහරණයකි. එවැනිඑකතුවක් සමූහයක් ලෙස හැඳින්වේ. සමූහයක ඇති දෑ පිළිබඳ ව යම් යම්අධ්‍යයනයන් කිරීමට අපට එදිනෙදා ජීවිතයේ දී සිදු වේ. 


තමා ජීවත් වන පරිසරයේ දී මිනිසාට ද්‍රව්‍ය සමග කටයුතු කිරීමට සිදු වේ. මිනිසා, විවිධ අවශ්‍යතා අනුව මෙම ද්‍රව්‍ය කාණ්ඩවලට වෙන් කරයි. කිසියම් නිශ්චිත ලක්ෂණයකට අනුව කාණ්ඩ කරන ලද ද්‍රව්‍ය සමූහයන් ‘‘කුලක’’ ලෙස හඳුන්වයි. කුලකවල අඩංගු දෑ ‘‘අවයව’’ ලෙස හැඳින්වේ. කුලකයක්, සංවෘත රූපයක් මගින් දැක්වීම වෙන් රූප සටහනක් මගින් දැක්වීම ලෙස හඳුන්වයි. මෙසේ කුලක රූපික ව දැක්වීම, ගණිතඥයකු වූ ජෝන් වෙන් විසින් හඳුන්වා දුන් නිසා ඒවා ‘‘වෙන් රූප’’ සටහන් නමින් හඳුන්වා ඇත. දෙන ලද කුලකයක අවයව සඟල වරහනක් තුළ ලියා දැක්වීම තවත් එක් අංකන ක‍්‍රමයකි.

පාරිභාෂික වචන මාලාවඃ



කුලකය -Set
අවයව - Elements

වෙන් රූප සටහන - Venn diagram








කුලක වන අවස්ථා

1. ඔබේ ගෙවත්තේ පිපෙන සුදු මල්
2. පාද 4 ක් ඇති සුරතල් සතුන්
3. 7 ශ්‍රේණියට අදාළ පාසල් පෙළ පොත්
4. ඔබේ පාසලේ ඇති නිවාස
5. ආහාරයට ගන්නා හාල් වර්ග
6. සූර්යග‍්‍රහ මණ්ඩලයේ දැනට සොයගෙන ඇති ග‍්‍රහලෝක
7. 1 සිට 20 දක්වා ඇති 2 ගුණාකාර
8. ඔබේ පන්තියේ සිටින ශිෂ්‍යයන්
9. දේදුන්නේ පාට

කුලක නොවන අවස්ථා

1. ලස්සන ඇඳුම්
2. ගමේ සිටින පොහොසත් අය
3. පාසලේ සිටින උස ගුරුවරු
4. රස පලතුරු
5. දිගම ගංගා
6. ඔබේ පන්තියේ ඉගෙනීමට දක්ෂ ශිෂ්‍යයන්
7. හොඳ ළමයින්
8. ලෝකයේ ලස්සන රටවල්


අභ්‍යාසය

1.  පහත දී ඇති එක් එක් කුලකයේ අවයව සියල්ල සඟළ වරහන් තුළ
ලිවීමෙන් කුලකය ලියා දක්වන්න.

1. සතියේ දවස්=
2. 0ත් 10ත් අතර ප‍්‍රථමක සංඛ්‍යා=
3. 0ත් 25ත් අතර 4හි ගුණාකාර=
4. ”හරසර” යන වචනයේ අකුරු=
5. බස්නාහිර පලාතේ දිස්ත‍්‍රික්ක=
6. 21 412 සංඛ්‍යාවේ ඉලක්කම්=
7. 1 සිට 10 තෙක් ඇති 6හි ගුණාකාර=

 ඉහත දී ඇති කුලකවලට අනුව පහත දැක්වෙන ප‍්‍රකාශ සත්‍ය හෝ
අසත්‍ය බව සඳහන් කරන්න.

: ”සෙනසුරාදා” A කුලකයේ අවයවයකි.
: ”ප”  B කුලකයේ අවයවයකි.
: C කුලකයේ සියලූ අවයව ඉරට්ට සංඛ්‍යා වේ. 
 1 සිට 10 තෙක් ඇති 3හි  ඕනෑ ම ගුණාකාරයක් G කුලකයේ
අවයවයක් වේ.


දී ඇති එක් එක් කුලකය,
: අවයව සියල්ල සඟළ වරහන් තුළ ලියා දැක්වීමෙන් කුලකය දක්වන්න.
: වෙන් රූප සටහනකින් නිරූපණය කරන්න.

:10ට අඩු ප‍්‍රථමක සංඛ්‍යා=
 :දේදුන්නේ ඇති වර්ණ=
:”number” යන  වචනයේ අකුරු=
 :0ත් 7ත් අතර ඇති පූර්ණ සංඛ්‍යා=

 :දකුණු පළාතේ දිස්ත‍්‍රික්ක= 

තක්සේරුව හා ඇගයීම :


1. දෙන ලද ලැයිස්තුවකින් කුලක හා කුලක නොවන අවස්ථා හඳුනා ගනියි.
2. පොදු ලක්ෂණ ඇති නිශ්චිත ව අර්ථ දකන ලද සමූහයක් කුලකයක් ලෙස නම්  පිළිගනියි.
 3.කුලකයක අඩංගු දෑ එම කුලකයේ අවයව ලෙස නම් කරන බව පිළිගනියි.
4. දෙන ලද කුලකයක අවයව නම් කරයි.
5. කණ්ඩායම තුළ සාමූහික ව කටයුතු කරයි.

6. පෙළපොතෙහි පාඩම 2හි අදාළ අභ්‍යාස වෙත ශිෂ්‍යයන් යොමු කරන්න




https://www.youtube.com/watch?v=Z5owJFmHncg







Comments

Popular posts from this blog

6 ශ්‍රේණිය - ස්ථානීය අගය

1 පාඩම් - වෘත්ත