Posts

Showing posts from December, 2017

1 පාඩම් - වෘත්ත

Image
01. වෘත්ත නිපුණතාව 24 : වෘත්ත ආශ‍්‍රිත ජ්‍යාමිතික සංකල්ප පදනම් කරගනිමින්                         නිගමනවලට එලඹීම සඳහා  තර්කානුකූල                         චින්තන ය   මෙහෙයවයි. නිපුණතා මට්ටම 24.1 : වෘත්තාකාර හැඩ ඇසුරින් විවිධ මෝස්තර                                     නිර්මාණය කරයි. නිපුණතා මට්ටම 24.1 ට අදාළ ඉගෙනුම් පල : 1. ද්‍රව්‍ය අතුරින් වෘත්තාකාර හැඩ හඳුනා ගනියි. 2. කාසි, වළලූ වැනි ද්‍රව්‍ය ඇසුරින් වෘත්ත මොස්තර නිර්මාණය කරයි. (කවකටුව භාවිතය අපේක්ෂා නොකෙරේ) 1.1 වෘත්තාකාර හැඩය ඇති දෑ හඳුනා ගැනීම වෘත්තාකාර හැඩය දැකිය හැකි තවත් වස්තු කිහිපයක රූප පහත දැක්වේ අභ්‍යාසය 01.  ඔබ දන්නා වෘත්තාකාර ඇති රූප කිහිපයක් ඇද නම් කරන්න ? 1.2 ද්‍රව්‍ය භාවිතයෙන් වෘත්ත ඇඳීම පියවර 1 - රුපියල් දෙකේ කාසියක්, කෝප්පයක් සහ පීරිසියක් සපයා ගන්න. පියවර 2 - මෙම එක් එක් දෑ මගින් වෘත්තාකාර හැඩය බැගින් අඳින්න. පියවර 3 - වෘත්තාකාර හැඩය ඇති වෙනත් ද්‍රව්‍ය කිහිපයක් ද භාවිත කරමින් වෘත්තාකාර හැඩය බැගින් අඳින්න.