1 පාඩම් - වෘත්ත


01. වෘත්ත

නිපුණතාව 24 : වෘත්ත ආශ‍්‍රිත ජ්‍යාමිතික සංකල්ප පදනම් කරගනිමින්
                        නිගමනවලට එලඹීම සඳහා තර්කානුකූල
                        චින්තන මෙහෙයවයි.

නිපුණතා මට්ටම 24.1 : වෘත්තාකාර හැඩ ඇසුරින් විවිධ මෝස්තර
                                    නිර්මාණය කරයි.

නිපුණතා මට්ටම 24.1 ට අදාළ ඉගෙනුම් පල :

1. ද්‍රව්‍ය අතුරින් වෘත්තාකාර හැඩ හඳුනා ගනියි.
2. කාසි, වළලූ වැනි ද්‍රව්‍ය ඇසුරින් වෘත්ත මොස්තර නිර්මාණය කරයි.

(කවකටුව භාවිතය අපේක්ෂා නොකෙරේ)


1.1 වෘත්තාකාර හැඩය ඇති දෑ හඳුනා ගැනීම

වෘත්තාකාර හැඩය දැකිය හැකි තවත් වස්තු කිහිපයක රූප පහත දැක්වේ


















අභ්‍යාසය 01.

 ඔබ දන්නා වෘත්තාකාර ඇති රූප කිහිපයක් ඇද නම් කරන්න ?




1.2 ද්‍රව්‍ය භාවිතයෙන් වෘත්ත ඇඳීම

පියවර 1 - රුපියල් දෙකේ කාසියක්, කෝප්පයක් සහ පීරිසියක් සපයා ගන්න.

පියවර 2 - මෙම එක් එක් දෑ මගින් වෘත්තාකාර හැඩය බැගින් අඳින්න.

පියවර 3 - වෘත්තාකාර හැඩය ඇති වෙනත් ද්‍රව්‍ය කිහිපයක් ද භාවිත කරමින් වෘත්තාකාර හැඩය බැගින් අඳින්න.








අභ්‍යාසය 02.

පියවර 1 - කෝප්පයක් යොදා ගෙන, වෘත්තාකාර හැඩය කඩදාසියක
අඳින්න.

පියවර 2 - මෙම වෘත්තාකාර හැඩයේ වක‍්‍ර රේඛාව ඔස්සේ කැපීමෙන්, වෘත්තාකාර කොටස වෙන්කරගන්න. දැන් ඔබට ලැබී ඇත්තේ වෘත්තාකාර ආස්තරයකි.

පියවර 3 - එම වෘත්තාකාර ආස්තරය රූපයේ දැක්වෙන පරිදි
සමාන කොටස් දෙකකට බෙදෙන සේ නමන්න.

පියවර 4 - නැමුම් රේඛාව, කෝදුවක ආධාරයෙන් පැන්සලකින්
ලකුණු කරගන්න.

පියවර 5 - වෙනත් නැමුම් රේඛාවක් ඔස්සේ, පෙර පරිද්දෙන් ම වෘත්තාකාර ආස්තරය සමාන කොටස් දෙකකට නැවත නමන්න.

පියවර 6 - දෙවන නැමුම් රේඛාව ද පෙර පරිදි ම ලකුණු කරන්න. මෙවැනි
තවත් නැමුම් රේඛා කිහිපයක් පෙර පරිදි ම ලකුණු කරන්න.

පියවර 7 - මෙම නැමුම් රේඛා එක ම ලක්ෂ්‍යයක් හරහා යන බව
නිරීක්ෂණය කරන්න. එම ලක්ෂ්‍යයේ සිට වක‍්‍රදාරය මත පිහිටි ලක්ෂ්‍ය කිහිපයකට ඇති දුර එකසමාන දැ යි කෝදුව භාවිතයෙන් බලන්න.
පීරිසිය සහ කාසිය භාවිතයෙන් ද ඉහත ක‍්‍රියාකාරකමෙහි තවදුරටත්
යෙදෙන්න.

නිගමනය.............

වෘත්තාකාර ආස්තරයක්, සමාන කොටස් දෙකකට බෙදෙන නැමුම් රේඛා
කැපෙන තැන සිට වක‍්‍ර දාරය මත  ඕනෑ ම ලක්ෂ්‍යයකට ඇති දුර එක
සමාන වන බව මෙම ක‍්‍රියාකාරකමින් ඔබට සනාථ වේ







අභ්‍යාසය 03

1.ඔබට ලබා දී ඇති ඩිමයි කඩදාසිය මත, වෘත්තාකාර හැඩ ඇති ද්‍රව්‍ය
භාවිත කර වෘත්තඅඳිමින් සැරසිල්ලක් නිර්මාණය කරන්න.

2.එම නිර්මාණය සුදුසු පරිදි වර්ණ ගන්වන්න.

3.ඔබට ලබා දී ඇති පාට A4 කඩදාසි මත වෘත්තාකාර හැඩ ඇති ද්‍රව්‍ය
භාවිත කර විවිධ ප‍්‍රමාණයේ වෘත්තාකාර ආස්තර ඇඳ කපා ගන්න.

4.එම වර්ණවත් ආස්තර යොදා ගනිමින් සැරසිල්ලක් නිර්මාණය කරන්න.
ඔබ සකස් කළ නිර්මාණ පන්ති කාමරය තුළ ප‍්‍රදර්ශනය කරන්න.


වැඩිදුර පරිශීලනය සඳහ

 http://www.shutterstock.com/s/%22circular+patterns%22/search.html










Comments

Popular posts from this blog

6 ශ්‍රේණිය - ස්ථානීය අගය

7 ශ්‍රේණිය කුලක