6 ශ්‍රේණිය - ස්ථානීය අගය


 ස්ථානීය අගය

නිපුණතාව -1 

එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා තාත්වික සංඛ්‍යා කුලකය තුළ ගණිත
කර්ම හසුරුවයි. 

නිපුණතා මට්ටම 1.1

සංඛ්‍යාවල ප‍්‍රමාණාත්මක අගයයන් විමර්ශනය කරයි. 

ඉගෙනුම් පල 

1. සංඛ්‍යාවක එක් එක් ඉලක්කමේ ස්ථානීය අගය හඳුනා ගනියි.
2. බිලියන කලාපය තෙක් සංඛ්‍යා කියවයි.
3. බිලියන කලාපය තෙක් සංඛ්‍යා වචනයෙන් හා ඉලක්කමෙන් ලියයි.
4. බිලියන කලාපය තෙක් සංඛ්‍යා කියවීම හා ලිවීම ආශි‍්‍රත ගැටලූ විසඳයි

හැඳින්වීම්

සංඛ්‍යා ලිවීමේ දී, අප බහුල ව භාවිත කරන්නේ හින්දු අරාබි සංඛ්‍යා
ක‍්‍රමය යි. එම ක‍්‍රමය අනුව සංඛ්‍යා ලිවීමේ දී 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 හා 9 යනඉලක්කම් දහය භාවිත කරනු ලැබේ.

බින්දුවේ සිට නවය තෙක් ඇති සංඛ්‍යාවක් ලිවීමේ දී, අප එක් ඉලක්කමක් එක් ස්ථානයක ලියයි. උදාහරණයක් ලෙස, තුන යන සංඛ්‍යාව ඉලක්කම් භාවිත කර ලියනු ලබන්නේ 3 ලෙස ය. එනම්, 3 ලිවීමට එක් ස්ථානයක්  
සංඛ්‍යාව 9 වේ.නවයට වඩා එකකින් විශාල සංඛ්‍යාව දහය වේ. දහයේ සිට අනූ නවය තෙක් ඇති සංඛ්‍යාවක් ලියන්නේ, ඉලක්කම් දෙකක් හෝ එක ම ඉලක්කම දෙවතාවක් හෝ ස්ථාන දෙකක් යොදා ගෙන ලිවීමෙනි.

උදාහරණයක් ලෙස, දහය යන සංඛ්‍යාව, ඉලක්කම් භාවිත කර ලියනු
ලබන්නේ 10 ලෙස ය. අනූ නවය යන සංඛ්‍යාව, ඉලක්කම් භාවිත කර ලියනු ලබන්නේ 99 ලෙස ය. එනම්, 10 සහ 99 ලිවීමට ස්ථාන දෙක බැගින් භාවිත කරනු ලැබේ.


245 දෙසිය හතලිස් පහ
 254 දෙසිය පනස් හතර
 524 පන්සිය විසි හතර

245හි 5 පිහිටන්නේ එකස්ථානයේ වේ. 245හි 5න් නිරූපිත අගය 1 එ්වා 5 = 5
254හි 5 පිහිටන්නේ දසස්ථානයේ වේ. 254හි 5න් නිරූපිත අගය 10 එ්වා 5 = 50
524හි 5 පිහිටන්නේ සියස්ථානයේ වේ. 524හි 5න් නිරූපිත අගය 100 එ්වා 5 = 500



















පාරිභාෂික වචනමාලාව :

දහස - Thousand
මිලියනය - Million
බිලියනය - Billion
ඒකක කලාපය - Unit Zone
දහස් කලාපය - Thousands zone
මිලියන කලාපය - Millions zone

බිලියන කලාපය - Billions zone


ක්‍රියාකාරකම්

එක් කාඞ්පතක එක් ඉලක්කම බැගින් 0 සිට 9 තෙක් ඉලක්කම් ලියන
ලද කාඞ්පත් දොළහකින් යුත් කාඞ්පත් කට්ටල කිහිපයක්
 කාර්ය පත‍්‍රිකාවේ පිටපත්

සිසුන් සඳහා කාර්ය පත‍්‍රිකාව
1. ඔබට ලබා දී ඇති කාඞ්පත් අතුරින් කාඞ්පත් තුනක් ගෙන සංඛ්‍යාවක්
සකසා එය වචනයෙන් ලියන්න.
2. නැවත, කාඞ්පත් ගණන 4ක් හෝ 5ක් හෝ 6ක් හෝ ලෙස ගෙන
සංඛ්‍යාවක් සකසා එය වචනයෙන් ලියන්න.
3. නැවත, කාඞ්පත් ගණන 7ක් හෝ 8ක් හෝ 9ක් හෝ ලෙස ගෙන
සංඛ්‍යාවක් සකසා එය වචනයෙන් ලියන්න.
4. නැවත, කාඞ්පත් 10ක් හෝ 11ක් හෝ 12ක් හෝ ලෙස ගෙන සංඛ්‍යාවක් සකසා එය වචනයෙන් ලියන්න.
5. සංඛ්‍යාවක් සම්මත ආකාරයට ලිවීමේ දී සැලකිය යුතු කරුණු ගොනු
කරන්න.
6. තම කණ්ඩායමට දෙන ලද කාලය තුළ නිවැරදි ව ලියූ සංඛ්‍යා ගණන
මත ජයග‍්‍රාහී කණ්ඩායම තෝරා ගනු ලබන බව සැලකිල්ලට ගන්න.
7. ඔබ ලියන ලද සංඛ්‍යා සහ සංඛ්‍යාවක් සම්මත ආකාරයට ලිවීමේ දී

සැලකිය යුතු කරුණු පන්තියට ඉදිරිපත් කරන්න.

තක්සේරුව හා ඇගයීම

බිලියන කලාපය තෙක් සංඛ්‍යාවක් නිවැරදි ව ලියයි.
1.) බිලියන කලාපය තෙක් සංඛ්‍යා නිවැරදි ව කියවයි.
2.) විශාල සංඛ්‍යාවක් කලාපවලට වෙන් කර ලිවීමෙන් සන්නිවේදනය
පහසුබව පිළිගනියි.
3.) සංඛ්‍යාවක් සම්මත ආකාරයට ලිවීමේ දී සැලකිය යුතු කරුණු ගොනු කරයි.
4.) ජයග‍්‍රහණය සඳහා පසුබට සිසුන්ට උදව් කරමින් සාමූහික ව කටයුතු කරයි.
5.) සංඛ්‍යා නිරූපණ උපකරණය භාවිතයෙන් තව දුරටත් සංඛ්‍යා නිරූපණය කරමින් ඒවා ප‍්‍රකාශ කිරීමට සිසුන් යොමු කරන්න.

6.) පෙළ පොතෙහි පාඩම 2හි අදාළ අභ්‍යාස වෙත සිසුන් යොමු කරන්න.


වැඩිදුර පරිශීලනය සඳහා :


 • http://www.youtube.com/watch?v=t2L3JFOqTEk
 • http://www.youtube.com/watch?v=b22tMEc6Kko 
• http://www.youtube.com/watch?v=ZaqOUE3H1mE  
• http://www.youtube.com/watch?v=fWan_T0enj4  
• http://www.youtube.com/watch?v=gmlc_vkuNR4
 • http://www.youtube.com/watch?v=V9_J-u9oYI0


Comments

Popular posts from this blog

1 පාඩම් - වෘත්ත

7 ශ්‍රේණිය කුලක