Posts

Daminda Janaka

Image
- ගණිතය    -  මුල සිට සරලව උගනිමු  ශ්‍රේණි -   6 , 7 , 8 , 9 , 10 , 11 (O/L) පී. දමින්ද ජනක B, Sc /  PGDE - Colombo PGDM  Higher Diploma - Ingrin  School Teacher  ස්ථාන -  දිවුලපිටිය, මිනුවන්ගොඩ , මීරිගම , කඩවත , කිරිබත්ගොඩ , කැළණිය , වත්තල , ජා-ඇල

සිංහල Geek Review - Dengue and Zika prevention mobile app Veta Life Sri...

Image

සිංහල Geek Review - Dengue and Zika prevention mobile app Veta Life Sri...

Image

7 ශ්‍රේණිය කුලක

Image
7 ශ්‍රේණිය කුලක නිපුණතාව 30   එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කර ගැනීම සඳහා කුලක ආශි‍්‍රත මූලධර්ම හසුරුවයි. නිපුණතා මට්ටම 30.1 - පොදු ලක්ෂණ සහිත කාණ්ඩ කුලක ලෙස හඳුනා ගනිමින් විවිධ ක‍්‍රම මගින්  නිරූපණය  කරයි. නිපුණතා මට්ටම 30.1ට අදාළ ඉගෙනුම් පලඃ 1. නිශ්චිත ව අර්ථ දක්වන ලද ද්‍රව්‍ය සමූහයක් කුලකයක් ලෙස විස්තර කරයි. 2. සමූහ අතරින් කුලක තෝරා නම් කරයි. 3. කුලකයක අඩංගු දෑ අවයව ලෙස විස්තර කරයි. 4. දෙන ලද කුලකයක අවයව ප‍්‍රකාශ කරයි. 5. කුලකයක් නිරූපණය සඳහා වන සංවෘත රූපය වෙන් රූප සටහන ලෙස හඳුනාගනියි. 6. දෙන ලද කුලකයක් වෙන් රූප සටහනකින් නිරූපණය කරයි. 7. දෙන ලද කුලකයක අවයව සඟල වරහනක් තුළ ලියා දක්වයි. හැඳින්වීම : වෙළෙන්දෙක් ළඟ විකිණීමට තිබෙන එළවළු වර්ග රූපයෙන් දැක්වේ. මෙම  වෙළෙන්දා ළඟ විකිණීමට තිබෙන එළවළු වර්ග වන්නේ කැරට්, බෝංචි,  වට්ටක්කා සහ බණ්ඩක්කා පමණි. මේ අනුව යම්කිසි එළවළු වර්ගයක් ඔහු  ළඟ විකිණීමට තිබේ ද හෝ නැද්ද හෝ යන්න අපට නිශ්චිත ව ම කිව  හැකි ය. ඉහත දක්වා ඇත්තේ ද්‍රව්‍ය වර්ග කිහිපයක එකතුවකට උදාහරණයකි. එවැනි එකතුවක් සමූහයක් ලෙස හැඳින්වේ. සමූහයක ඇති දෑ පිළිබඳ ව යම් යම්

6 ශ්‍රේණිය - ස්ථානීය අගය

Image
 ස්ථානීය අගය නිපුණතාව -1  එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා තාත්වික සංඛ්‍යා කුලකය තුළ ගණිත කර්ම හසුරුවයි.  නිපුණතා මට්ටම 1.1 සංඛ්‍යාවල ප‍්‍රමාණාත්මක  අගයයන් විමර්ශනය කරයි.  ඉගෙනුම් පල  1. සංඛ්‍යාවක එක් එක් ඉලක්කමේ ස්ථානීය  අගය හඳුනා ගනියි. 2. බිලියන කලාපය තෙක් සංඛ්‍යා කියවයි. 3. බිලියන කලාපය තෙක් සංඛ්‍යා වචනයෙන්  හා ඉලක්කමෙන් ලියයි. 4. බිලියන කලාපය තෙක් සංඛ්‍යා කියවීම හා  ලිවීම ආශි‍්‍රත ගැටලූ විසඳයි හැඳින්වීම් සංඛ්‍යා ලිවීමේ දී, අප බහුල ව භාවිත කරන්නේ හින්දු අරාබි සංඛ්‍යා ක‍්‍රමය යි. එම ක‍්‍රමය අනුව සංඛ්‍යා ලිවීමේ දී 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 හා 9 යන ඉලක්කම් දහය භාවිත කරනු ලැබේ. බින්දුවේ සිට නවය තෙක් ඇති සංඛ්‍යාවක් ලිවීමේ දී, අප එක් ඉලක්කමක් එක්  ස්ථානයක ලියයි. උදාහරණයක් ලෙස, තුන යන සංඛ්‍යාව ඉලක්කම් භාවිත  කර ලියනු ලබන්නේ 3 ලෙස ය. එනම්, 3 ලිවීමට එක් ස්ථානයක්   සංඛ්‍යාව 9 වේ. නවයට වඩා එකකින් විශාල සංඛ්‍යාව දහය වේ. දහයේ සිට අනූ නවය  තෙක් ඇති සංඛ්‍යාවක් ලියන්නේ, ඉලක්කම් දෙකක් හෝ එක ම ඉලක්කම  දෙවතාවක් හෝ ස්ථාන දෙකක් යොදා ගෙන ලිවීමෙනි. උදාහරණයක් ලෙ

1 පාඩම් - වෘත්ත

Image
01. වෘත්ත නිපුණතාව 24 : වෘත්ත ආශ‍්‍රිත ජ්‍යාමිතික සංකල්ප පදනම් කරගනිමින්                         නිගමනවලට එලඹීම සඳහා  තර්කානුකූල                         චින්තන ය   මෙහෙයවයි. නිපුණතා මට්ටම 24.1 : වෘත්තාකාර හැඩ ඇසුරින් විවිධ මෝස්තර                                     නිර්මාණය කරයි. නිපුණතා මට්ටම 24.1 ට අදාළ ඉගෙනුම් පල : 1. ද්‍රව්‍ය අතුරින් වෘත්තාකාර හැඩ හඳුනා ගනියි. 2. කාසි, වළලූ වැනි ද්‍රව්‍ය ඇසුරින් වෘත්ත මොස්තර නිර්මාණය කරයි. (කවකටුව භාවිතය අපේක්ෂා නොකෙරේ) 1.1 වෘත්තාකාර හැඩය ඇති දෑ හඳුනා ගැනීම වෘත්තාකාර හැඩය දැකිය හැකි තවත් වස්තු කිහිපයක රූප පහත දැක්වේ අභ්‍යාසය 01.  ඔබ දන්නා වෘත්තාකාර ඇති රූප කිහිපයක් ඇද නම් කරන්න ? 1.2 ද්‍රව්‍ය භාවිතයෙන් වෘත්ත ඇඳීම පියවර 1 - රුපියල් දෙකේ කාසියක්, කෝප්පයක් සහ පීරිසියක් සපයා ගන්න. පියවර 2 - මෙම එක් එක් දෑ මගින් වෘත්තාකාර හැඩය බැගින් අඳින්න. පියවර 3 - වෘත්තාකාර හැඩය ඇති වෙනත් ද්‍රව්‍ය කිහිපයක් ද භාවිත කරමින් වෘත්තාකාර හැඩය බැගින් අඳින්න.